කළුබෝවිල රෝහලේ සේවකයෝ විරෝධතාවයක


(දිලංගා ගෝමස්)

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සුළු සේවකයෝ  ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද  දහවල් පැයක කාලයක් රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.

එම ඉල්ලීම් අතර කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ජීවිත අවදානම වෙනුවෙන් සුළු සේවකයින් සඳහා රක්ෂණ වන්දියක් හෝ විශේෂ අවදානම් දීමනාවක් ගෙවන ලෙසට උද්ඝෝෂණය සඳහා සහභාගි වූවෝ රජයෙන් ඉල්ලා සිටියහ.

සුළු සේවකයන් සඳහා නිසි ප්‍රවාහන පහසුකම්  සලසා දෙන ලෙසටද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.