කළුබෝවිල දී පොලිසියට ප්‍රහාරයක්
කළුබෝවිල සිල්වා මාවතේ ගංජා ඇල්ලීමට ගිය පොලිසියේ තිදෙනෙක් සයිකල් චේන් හා පිහි ප්‍රහාරයකට ලක්ව කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මැරයන් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකුට දම්වැල් වලින් පහරදී කොස්තාපල්ට පිහියෙන් ඇන ඇතැයි පොලිසිය කියයි.

