කළුතරත් 4750ක් අවතැන්



 
බන්දු තඹවිට

 
වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක, ග්‍රාම නිලධාරී වසම් 127 ක පවුල් 1299  කට අයත් 4752  දෙනෙකු අවතැන් වී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.
 
නිවාස 3 කට  පුර්ණ හානි සිදුවී ඇති අතර නිවාස 48 කට හා ව්‍යාපාරික ස්ථාන 2 කට අර්ධ හානි සිදුවී ඇත.
 
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දියේ ගිලීමෙන් සිදුවූ එක් මරණයක් වාර්තා වන අතර ආරක්‍ෂිත ස්ථාන 09 ක පවුල් 105 කට අයත් 447  දෙනෙකු ඊයේ  වන විට රැදී සිටි බවද හෙතෙම පැවසීය.
 
මේ අතර කළු ගගේ ජල මට්ටම පහත බසිමින් පවතින අතර මිල්ලකන්ද ජල මාපකයේ පිටාර මට්ටම වන මීටර් 8 ප්‍රමාණය ඉක්මවා මීටර් 9.5 ක් දක්වා ඉහළ නැග ඇතත් පලාතොට ජල මාපකයේ පිටාර මට්ටම වන අඟල් 06 ඉක්මවා ඇත්තේ සුළු ප්‍රමාණයකි.