කළුතරට විශේෂ ආරක්ෂාවක්


( සුමිත් පොතුපිටිය )

ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු සමාජ මාධ්‍ය මර්දන පනත හකුලාගනු යන මැයෙන් අද කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කවුන්සලයේ විරෝධතා පාගමන හේතුවෙන් කළුතර නගරයේ මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා යුදහමුදාව භටපිරිස්ද කැදවා තිබේ.

කැරලි මර්දන  කණ්ඩායම් මෙන්ම කළුතර පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන රැසකින් පොලිස් නිළධාරීන් කැදවා ඇති අයුරු දැකගත හැකිවිය .

කළුතර පාළම් දෙක අතර තලව්ව  , බෝධි පරිශ්‍රය සහ අධිකරණ සංකීර්ණ ආසන්නයේ ඇතුළු ස්ථාන රැසක පොලිස් කණ්ඩායම් යොදවා තිබෙන අතර, යුදහමුදා භටපිරිස් කළුතර නගරයට කැඳවා තිබූ අයුරු දැකගත හැකිවිය.