කළුතර බන්ධනාගාරයේ තාප්පයට උඩින් මත්කුඩු විසි කරන්න පැමිණි 2 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් හොරොයින් මත්කුඩු සහ ජංගම දුරකථනයක් බෝලයක් ලෙස සකසා විසි කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඊට උපදෙස් ලබා දුන් කාන්තාවක් අද (01)  අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් , යතුරුපැදි තුනක් 3 ක් , සිම්පත් 10 ක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.