කළුතර පැවැති නිදහස් දින සැමරුම් උළෙලේ දී තමාට නිසි ගෞරව ලබා නුදුන් බව කියමින් කළුතර නගරාධිපති එම් එම් එම් ජවුෆර් මහතා උත්සවයෙන් පිටව ගියේය.
නගරාධිපති සමග කළුතර නගර සභාවේ හා ප්‍රදේශීය සභාපති එජාප මන්ත්‍රී පිරිසක් ද වූහ.
බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
කළුතර නගරයේ ප්‍රධාන පුරවැසියා වන තමාගේ නමවත් මේ රැස්වීමේ දී නොකී බවත්, මේ ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට පැමිණිලි කරන බවත් ජවුෆර් මහතා කීවේය.
කළුතර දිසා ලේකම් යූ ඩී පී ජයලාල් මහතා කීවේ සිතාමතා එවැනි දෙයක් නොකළ බවයි.

