කළුතර 4600ක් අවතැන්


බන්දු තඹවිට 
 
වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක ,ග්‍රාම නිලධාරී වසම් 120ක පවුල් 1278 කට අයත් 4666 දෙනෙකු අවතැන් වී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.
 
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, කළුතර, අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, වලල්ලාවිට, බණ්ඩාරගම, දොඩන්ගොඩ, හොරණ සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ට මෙම  කාලගුණ තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇති අතර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිවාස 3 කට  පුර්ණ හානි සිදුවී තිබේ. අර්ධ හානි වූ නිවාස ගණන 42 කි.
 
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දියේ ගිලීමෙන් සිදුවූ එක් මරණයක් වාර්තා වන අතර ආරක්‍ෂිත ස්ථාන 12 ක පවුල් 119 කට අයත් 501 ක් දෙනෙකු අද  සවස් වන විට රැදී සිටි බවද කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පැවසීය.