(ෂේන් සෙනෙවිරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර පහළ කඩුගන්නාවේදී විශාල කළුගලක් සහ පස් කන්දක් කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් වෙළඳසැලක් සහ වාහන කිහිපයකට හානිසිදු වී ඇතැයි පොලීසිය කියයි.
පවතින අධික වැසි සමඟ මෙම හදිසි අනතුර සිදුවන අවස්ථාවේදී ඒ අසළ සිටි පිරිසක් තුවාල ලබා ඇතැයිද තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයිද තහවුරු නොවු පුවත් දැනගන්නට ඇත.
මේ හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක්ද හටගෙන තිබේ.
(ඡායා ෂේන් සෙනෙවිරත්න)




(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



