(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලෙන තද වැසි සමඟ කළුගගේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අඩි එකහමාරක් පමණ තිබු කළු ඟගේ ජල මට්ටම අද(02) උදෑසන 08.00 පමණ වනවිට අඩි 06 දක්වා ඉහළ ගොස් තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ජල මට්ටම අඩි හය දක්වා ඉහළ නැග්ගේ දින 21ට පමණ පසුව බවත් අගොස්තු 12 දින සවස 06.00 වනවිට කළු ගගේ ජල මට්ටම අඩි 6 සිමාවේ පැවතින බවක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
වියළි කාලගුණ තත්ත්වය පසු කළුඟගේ ජල මට්ටම පහළ ගොස් තිබුණි.
මේ අතර අපදා කළමනාකරණ මධ්‍යසථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනුයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්‍රදේශවලත්, දෙහිඕවිට සහ දරුණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවට ප්‍රදේශවලත් නායයාමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන බවයි.
ඒ නිසා වැසි අධික අවස්ථාවල විමසිලිමත්ව සිටින ලෙස ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දැනම් දෙයි.
සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරේ අවසන් දිනය වූ දියකැපීමේ ගගේ පෙරහර හෙට (03) පැවැත්වීමට නියමිතය.
සමන් දේවාලය අසළ කොටාඹේ තොටුපළින් කළුඟගට පිවිසෙන පෙරහර ගග දිගේ මල්වල පිහිටි රතඹලාඇල්ල තොටුපළ දක්වා ගොස් දිය කපා නැවත ඟග දිගේ ආපසු පැමිණෙයි.
ඔරු පාරු භාවිතයෙන් පෙරහර ගග දිගේ ගමන් කරනු ලබයි. සාමාන්‍ය මට්ටමෙන් ගගේ වතුර තිබීම ගගේ පෙරහරට පිටිවහලකි.

