කළුගඟ හරවන්න එපා


හම්බන්තොට ජල හිඟයට පිළියමක් වශයෙන් කළුගඟ හැරැවිය හැකි දැයි සොයා බැලීමේ  ශක්‍යතා අධ්‍යයනය අතහැර දැමීමට රජයට සිත් පහළ වේවායි පතමින් අද රත්නපුර මල්වල හන්දියේ දී පොල් ගසා සමන් දෙවි පූජාවක් පැවැත්විණි. මල්වල ශ්‍රී ඤාණෝභාස පිරිවෙනේ සමන් දෙවි පිළිරුව මල්වල හන්දියට රැගෙන අවුත් වතාවත් සිදුවිය. මෙම යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කළහොත් වර්ග හෙක්ටයාර් 157ක සරුසාර තේ. පොල්, රබර්, කුරුඳු සහ ගම්මිරිස් වගා යටවී පවුල් 8000කට ගම්බිම් අතහැර යෑමට සිදු වෙතියි ඊට සහභාගී වූ පිරිස් කීහ.