කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට


(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කලූ  ගඟේ ජල මට්ටම අද  සවස 06.00 වන විට ගංවතුර අවදානම් මට්ටම පසුකර ඇති බව රත්නපුර මුවගම පිහිටි ජල මාපකයේ දත්ත අනාවරණය කරයි.

කලූ ගඟේ ගංවතුර අවදානම් මට්ටම මීටර් 5.2ය. එහෙත් අද පස්වරු 06.00 වනවිට කලූ ගඟේ ජල මට්ටම මීටර් 5.55 විය. කලූ ගඟේ ජල මට්ටම මීටර් 7.5 ඉක්ම ගියවිට සුලූ ගංවතුර තත්ත්වයකි. පස්වරු හතරේ සිට කලූ ගඟේ ජල මට්ටම ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී.

අතරමගදී කලූ ගඟට එක්වන වේ ගඟ නිරිඇලි ගඟ, දෙනවක් ගඟ සහ කුරු ගඟ යන ගංගාවල ද ජලම්ට්ටම ඉහළ යමින් පවතින බව එම ගංගාවල ජලමට්ටම දැනගත හැකි ජලමාපක දත්ත පෙන්වා දෙයි.

මෙම ගංගාවල ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට වැසි ඇද හැලෙමින් පවතින නිසා ගංගාවල ජල මට්ටම ඉහළ යාහැකි බව එම දත්ත අනුව පෙනීයයි.