මහ මැතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් පැමිණි නිරීක්ෂකයකු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයට කළු කූඹීන් පැමිණීම නිසා හෝටලය මාරු කර වෙනත් හෝටලයක ඔහු නතර කිරීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින්ට සිදුවිය.
ඉන්දීය ජාතිකයකු වන අදාළ නිරීක්ෂකයාට ඉහළ සැප පහසුකම් සැලසීමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් බදුල්ල නගරයේ සුපිරි හෝටලයක වායු සමනය කළ කාමරයක් වෙන් කරගෙන ඇති අතර එය හොඳින් පරීක්ෂා කර බලා නිරීක්ෂකයා එහි නතර කර ඇත.
කාමරයේ නවාතැන්ගත් නිරීක්ෂකයා ටික වේලාවකින් වැල නොකැඩී පැමිණෙන කළු කූඹින් දැක බියට පත්ව තමන් රැගෙන ආ බඩු මුට්ටුද එහි දමා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් පැමිණිලි කර වෙනත් හෝටලයක නවාතැන් පහසුකම් සපයන ලෙස ඉල්ලා ඇත.
වහාම ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් අදාළ හෝටල් කාමරයට ගොස් පරීක්ෂා කර බැලූ විට කළු කූඹින් සිටිනු දැක ඇත. හෝටලයේ සේවකයින්ද පුදුමයට පත්ව තිබෙන්නේ මීට පෙර කිසිදු දිනයක මෙවැනි සිදුවීමක් නොවූ හෙයිනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයින් නිරීක්ෂකයාට වෙනත් හෝටලයක නවාතැන් පහසුකම් සලසා දී එදින රැය පහන්වන තුරු කළු කූඹින් පැමිණෙන්නේදැයි විමසිල්ලෙන් සිටි බවද දැනගන්නට ඇත.

