රජයට මුද්දර ගාස්තු නොගෙවන නිතිඥවරුන් සියයකට වඩා වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සියලු නිතිඥවරුන්ගෙන් පිරිසකට නඩු පවරා ඇති අතර තවත් පිරිසකගෙන් දඩ මුදල් අයකර ගැනිමට බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
දේපළ මිලදි ගන්නා ගැණුම්කරුවන්ට දේපළවලට නියමිත මුද්දර ගාස්තු බැංකුවට ගෙවා රිසිට් පත, නීතිඥවරයාට බාර දිමෙන් වංචා අවම කරගත හැකි බව බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

