ඩයනා උදයංගනී
කළු ගඟ, අත්තනගලූ ඔය හැරුණු විට සෙසු ප‍්‍රධාන ගංගා සියල්ලකම පාහේ ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු අඟ අද (23) දහවල් වන විටත් සුළු ගං වතුර මට්ටමක පැවති අතර එහි ඉහළ ජාලා ධාරා ප්‍රදේශවලට ගතවූ පැය 6ක කාලයේ තද වැසි ලැබී ඇති බැවින් එහි ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
අත්තනගලු ඔය ගං වතුර මට්ටමේ පැවති අතර එහි ජල මට්ටමද තව දුරටත් ඉහළ යාමේ හැකියාවක් ඇති බව මාලා අලවතුගොඩ මහත්මිය ප‍්‍රකාශ කළාය.
එබැවින් එම ගංගා අවට පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද ඇය කීවාය.
කැලණි ගඟේ ජල මට්ටම බොහෝ තැන්වල සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති නමුත් නාගලගම්වීදිය මාපකය ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බව කී අධ්‍යක්‍ෂවරිය ජල ධාරා ප‍්‍රදේශයට තද වැසි ලැබී නොමැතිකම හේතුවෙන් එහි ජල මට්ටම සෙමින් පහළ යමින් පවතින බව ද සඳහන් කළාය.
ගිං ගඟ සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇතත් බද්දේගම ප‍්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව කී ඇය නිල්වලා ගඟ ද අකුරැස්ස ප‍්‍රදේශයේදී සුළු ගං වතුර මට්ටමක පවතින බව කියා සිටියාය.
මහවැලි ගඟ සහ මා ඔය අද දහවල් වන විට සාමාන්‍ය තත්ත්වයට පැමිණ තිබූ බව ද ඇය සඳහන් කළාය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ජලාශ ගත් විට රාජාංගණය, දැදුරු ඔය, මුරුතවෙල වාන් දොරටු විවෘත කර ඇති බැවින් ඒ අවට ජනතාවද අවධානයෙන් සිටිය යුතු බව ඇය පැවසුවාය.
වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු මාලා අලවතුගොඩ මහත්මිය මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කළු - අත්තනගලු ගංගා තවමත් ගං වතුර මට්ටමේ
Recommended Articles