දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් නිම කැරුණු සංවර්ධන ව්‍යාපෘති ගෙවීම් වෙනුවෙන් තවත් රුපියල් කෝටි 400ක් මුදා හැරීමට රජය තීරණය කර ඇත.
රජය විසින් ආරම්භ කැරුණු සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් අවසන් කිරීම වෙනුවෙන් මුදා හැර ඇති මුළු මුදල රුපියල් කෝටි 800ක් බව ස්වදේශ අමාත්‍යංශය පවසයි.
තවත් රුපියල් කෝටි 2300ක් අවශ්‍ය බවත්, ව්‍යාපෘතිය නිමවන ආකාරය අනුව මහා භාණ්ඩාගාරය ඔස්සේ එම මුදල් මුදා හැරීමට පියවර ගන්නා බවත් ස්වදේශ අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා කියයි.

