(අජිත්ලාල් ශාන්තඋදය)
ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති මැතිවරණ රැස්වීමක වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධ නඩුව රත්නපුර මහාධිකරණය හමුවේ අද(31) විභාගයට නියමිත වුවත් විනිසුරු රොහාන් ජයවර්ධන මහතා නිවාඩු යාම නිමිත්තෙන් නඩුව ලබන දෙසැම්බර් මස 13 තෙක් කල් තැබිණි.
මෙම නඩුවේ අධිචෝදනා ලබා ඇත්තේ සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.

