කහවත්තේ පාළු ගෙදරක ලේ පැල්ලම්


කහවත්ත ඕපාත පාරේ මරා දමා තිබුණු අභය ප්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විසි දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවත්, ඒ අසල පිහිටි පාළු ගෙයක මැරූ තරුණයා පසුව පාරට ගෙනවුත් දමන්නට ඇති බවත්, කහවත්තේ කලින් සිදුවූ ඝාතන හා මේ ඝාතනය සමග සම්බන්ධයක් තිබිය හැකි බවත් පොලීසිය කියයි. එම පාළු නිවසේ තිබී ලේ පැල්ලම් කිහිපයක් සොයා ගෙන ඇත. කොටකෙතන ඝාතනයක් ගැන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රියන්ත නීතීපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කැර සිටියේය.