කහවත්තේ පරණ සැකකරුවෙක් පැහැර ගනී


කහවත්ත කොටකෙතනේ දෙවැනි කාන්තා ඝාතනයට සැකපිට  වසරක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට නිදොස් කොට නිදහස් කැරුණු ජී වික්‍රමසිංහ හෙවත් මාළු රාජා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි ඔහුගේ බිරිය පොලීසියට පැමිණිලි කර ඇත.

කහවත්ත නීලගම  නිවසේ සිටියදී ඔහු පැහැරගෙන තිබේ.

දෙවැනි කාන්තා ඝාතනයට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කැර සිට නීතිපති උපදෙස් මත ජී වික්‍රමසිංහ ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කැරුණු අතර එලෙස නිදහස් වූ එක් අයකු මීට මසකට පමණ පෙර කහවත්ත ඕපාතදී කපා කපා කොටා ඝාතනය කර තිබිණි.