කහවත්තේ ගැහැණු ඝාතන ගණන 12ට නගී
කහවත්ත වරාපිටියේ රණතුංගගේ දයාවතී (61) හා තිලකාවතී (51) යන සොහොයරියන් දෙදෙනා ජීවත් වූ ගෙට ගිනි තබා ඔවුන් මරා දමන්නට ඇතැයි කියන සාක්කි ගැන පොලිසියේ අවධානය යොමුවී ඇත.
මේ මරණ දෙක සමග වසර හතරකදී මේ ප‍්‍රදේශයේ ගැහැණුන් 12 දෙනකු අබිරහස් ලෙස මරුමුවට පත්වූහ.
මේ කතුන් දෙදෙනා පමණක් ජීවත් වූ ගෙදර ජනේලයක යකඩ කූරක් ඇදවී තිබීමත්, මිදුලේ බුලත් කෙළ පහරක් තිබීමත් ගින්න නිවීමට ගත් උත්සාහයේදී ගින්න වැඩිවීත් යන කරුණු ගැන පොලිසියේ අවධානය යොමුවී තිබේ.

