කහටපිටියට ඇප : රට යන්නත් බෑ


ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටියකු ළඟ තබා සිට රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හා එජාප පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය නියෝග කළාය.

ඇපකරුවන් රජයේ සේවකයන් විය යුතු බවත් විදේශ ගමන්  තහනම් කර විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයට බාරදෙන ලෙස ද  සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කැරිණී.