කහටගස්දිගිලිය නගරයේ යතුරු පැදියකින් ගිය ආබාධිතයකුට කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ දෙදෙනකු අගහරුවාදා (22) උදෑසන බිම පෙරළාගෙන පහර දී ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
එක් පාදයක් නොමැති ආබාධියාට යතුරුපැදිය නවතන ලෙස රතවාහන රාජකාරියේ නිරතව සිටි දෙදෙනා අණ කර ඇත. ඔහු අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ බවත් කහටගස්දිගිලිය ප්‍රධාන බස්නැවතුම අසලදී පහර දෙන අවස්ථාවේ ඔහුගේ බොරු කකුලද ගැලවී ඔහු පදික වේදිකාවට ඇද වැටී ඇති බවත් ඔහුට පහරදෙන හැටි විශාල පිරිසක් බලා සිටියත් ඊට විරෝධය පළ කිරිමට ඉදිරිපත් නොවු බවත් කියති.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/0112.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/0212.jpg)
![p_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/p_021.jpg)
![Snapshot_7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Snapshot_71.jpg)

