කාංචන කුමාර ආරියදාස
ගලේවෙල තලකිරියාගම විහාරස්ථානය ඉදිරිපිට පදික මාරුවෙන් ගමන් ගනිද්දී යතුරු පැදියක ගැටී අනතුරට පත් නව හැවිරිදි දරුවා අද මාතලේ රෝහලේ දී මිය ගියේය. මිත්තනිය සමග වෙසක් පොහෝ දින සිල් සමාදන් වූ මෙම දරුවා විහාරස්ථානයේ දාගැබ අසල සිට ප්‍රධාන මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි විහාරස්ථානයට ගමන් පාර මාරුවද්දී මෙම අනතුර සිදුව ඇත්තේ වාහන හැසිරවීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක රාජකාරී කරමින් සිටියදීය. වාහන නවතන ලෙස එම නිලධාරිනිය සංඥා කරද්දී වේගයෙන් පැමිණි යතුරු පැදිය පදික මාරුවේ දී මෙම දරුවා අනතුරට පත් කර ඇත.



