කහ ඉර තාම නෑ


පාසල අවසන්වී නිවසට යාමට නියමිත ත්‍රිරෝද රථයට යමින් සිටි ගින්නලිය මහා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ හය හැවිරිදි ශිෂ්‍යයෙක් පාසල ඉදිරිපිටදී ලොරියකට යටවී මිය ගියේය.

සිසුන් හයසියයක් සිටින මේ පාසලට කහ ඉරක් ලකුණු කර දෙන ලෙස මාස ගණනක් තිස්සේ ඉල්ලා සිටි නමුත් එය ඉටුවී නැතැයි මවුපියෝ කියති.