
(ඩයනා උදයංගනී)
කහ ආනයන තහනම ඉවත් කර නැතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එම තහනම ඉවත් කර ඇති බවට පළවන වාර්තාවල කිසිම සත්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
එසේ වුවත් කහ ආනයනය සම්බන්ධයෙන් රජයෙන් පනවන ලද සීමා හේතුවෙන්, අපනයන අවශ්‍යතා සඳහා කහ ආනයනය කෙරෙන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයින් හා සමාගම් ගැටලුවලට මුහුණ පා ඇති බවත්, ඔවුන් එම ගැටලු පිළිබඳව තමා සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා කීවේය.
ඒ අනුව සාමාන්‍ය වෙළඳපොළ අවශ්‍යතා සඳහා නොව අපනයන අවශ්‍යතා සඳහා පමණක් පිටරටින් කහ ආනයනය කිරීමට හැකි පරිදි ආනයන සීමා යම්තාක් දුරට ලිහිල් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඒ අනුව ඉදිරි පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

