කසිප්පු ඇල්ලීමක සැකකරු පොලිසියට ගෙන එද්දී මැර පිරිසක් පොලිසියට පහරදී සැකකරු මුදාගෙන පළා යාම සම්බන්ධයෙන් නිවිතිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කරුණාරත්න මහතාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.
මැර ප්‍රහාරය එල්ල කරන්නට ආ පිරිස අතර සැකකරුගේ පුතකුද සිටින බව පොලිසිය කියයි. නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීමකට යායුතු නිලධාරින් ප‍්‍රමාණය, යායුතු ක‍්‍රමය ආදී උපදෙස් අනුගමනය නොකිරීම නිසා කරුණාරත්න මහතාගේ වැඩතහනමට එයද බලපා ඇතැයි පොලිසිය පවසයි.

