කසිප්පු සමග ඇල්ලූ තැනැත්තා පපුවේ අමාරුවෙන් මරුට


(සුමිත් පොතුපිටිය)

නීති විරෝධී මත්පැන් තොගයක් සමග දොඩංගොඩ පොලිසිය අද අත්අඩංගුවට ගත් පුද්ගලයකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .

මෙසේ මියගොස් ඇත්තේ දොඩංගොඩ , වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී ජංගුගේ ගාමිණී සිල්වා නමැති 58 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇති තැනැත්තා  නීති විරෝධී මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු පපුව රිදෙන බව දැනුම් දීමෙන් පසු පොලිස් නිළධාරීන් 1990 සුවසැරියෙන් කඩිනමින් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් පැවසේ.