කසිප්පු බී මිය ගිය ගණන 11ට නගී


(පුෂ්පකුමාර  මල්ලවආරච්චි)

මීරීගම බාදුරාගොඩ ප්‍රදේශයේ  එකම ස්ථානයකින්  කසිප්පු බීමෙන් පසුව ගතවූ දින තුනේදී රෝගාතුරවූවන් අතරින් සිදුවූ මරණ සංඛ්‍යාව අද (4 ) පස්වරුව  වන විට 11 දක්වා ඉහළ  ගොස් තිබේ.  

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස විස්සකට අධික බව පොලිසිය කියයි.

කසිප්පු පානයෙන් පසුව මෙම පිරිස වමනය පාචනය ඇස් දැවිල්ල ඇස් නොපෙනීම ආදි රෝග ලක්ෂණ ඇතිවී මෙන් පසුව රෝහල් ගත කර  ඇත. එක් අයකු වත්තෙමුල්ල ප්‍රදේශයේ ඉඩමක වැටී මරණයට පත්ව සිටි අතර උඩුඋල්ල ප්‍රදේශයේ  නිවසක තිබි තවත් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇත.

 මියගිය අයගේ  ශරීර අභ්‍යන්ත කොටස්රස පරීකෂ වෙත යැවීමටද පියවර ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි