කසළ තේ පැටවූ කන්ටේනරයක් දක්ෂිණ අධිවේගයේදී අත්අඩංගුවට


රවී ලියනගේ

අකුරැස්සේ සිට කොළඹ බලා රැගෙන යමින් තිබු කසළ තේ තොගයක් පැටවූ කන්ටේනර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අධිවේගී පිවිසුම අසළදී අද (22) අත්අඩංගුවට ගෙන ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කසළ තේ කිලෝග්‍රෑම් 5494ක් තිබී ඇත.
 
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා කසළ තේ පැටවූ කන්ටේනරය සහ රියදුරා ඉමදුව පොලිසියට බාර දුන් බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොළේ නිලධාරීන් ප්‍රකාශ කළේය.