(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
එක්සත් රාජධානියේ සිට මෙරටට කසළ ආනයනය කිරීමට සම්බන්ධ වූ සියලු පාර්ශවයන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට රේගු ආඥා පනත යටතේ දැඩි දඬුවම් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
එම ආඥා පනත අනුව ඔවුන්ගෙන් කසළවල වටිනාකම මෙන් තුන් ගුණයක දඩ මුදලක් අය කර ගත හැකි බව කී ඇමැතිවරයා ඔවුන් කර ඇති ජාතික අපරාධය අනුව එය ප්‍රමාණවත් නොවන බැවින් අපරාධ චෝදනා ගොනු කිරීමට හැකි දැයි සොයා බලන බවද සඳහන් කළේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලබන සතියේ දී අමාත්‍ය කමිටුවක් පත්කෙරෙන බවද ඇමැතිවරයා කීවේය.

