කසල තේ ලොරි දෙකක් අල්ලයි
කසළ තේ කිලෝ හයදහසක් රැගත් ලොරි දෙකක් උඩුනුවර වෙලම්බොඩ දී සැකපිට අත් අඩංගුවට ගත් බවත් රත්නපුරයේ සිට මේ කසළ තේ ප‍්‍රවාහනය කැර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. මීට පෙර ගම්පොලදීත් නාවලපිටියේදීත් කසළ තේ සොයාගෙන ඇත.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජී.කේ. පෙරේරා මේ වැටලීම මෙහෙයවා කසළ තේ දවුලගල පොලිසියට බාරදුන්නේය.

