ක.ග. කරුණාරත්න
මොනවිදියේ විරෝධතා ආවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (21) පොලොන්නරුවේදී අවධාරණය කළේය.
‘යහපත් සමාජයක් සෑදීමට හොඳින් කියලා බැරිනම් සමහර විට ලෝකයේ බොහෝ රටවල් වගේ නරකින් කරන්න සිද්ධ වෙනවා.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ චීන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිකිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.
ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන කිහිප දෙනෙකු උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන බවට ගෙන යන ප‍්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද ජනාධිපති වරයා පැවසීය.
මරණීය දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීමට එරෙහි යම් යම් උදවිය විරෝධතා ඉදිරිපත් කරන නමුත් ඒ අය මේ මහා විනාශකාරී දේ වැලැක්වීමට කිසිම සහයෝගයක් වී නැතැයි ද සිරිසේන මහතා කීය. එදා නාගරික ප‍්‍රදේශය වල විතරක් තිබූ මත් කුඩු මත් පෙති අද ලංකාවේ ඈත පිටිසර ප‍්‍රදේශ වලද තිබෙන බව කී ජනාධිපති වරයා පාසල් දරුවන් පවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා යොදවා ගනු ලැබ ඇතැයි ද ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ නීති, අධිකරණ, බන්ධනාගාර ඇතුළු ඊට අදාල ආයතන ප‍්‍රධානීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බව කීය. ඉන් පසුව ඒ කමිටුව ම`ගින් මරණීය දණ්ඩණයට යටත් කරන පුද්ගලයින්, ඒ සම්බන්ධ දින වකවානු සියල්ල තීන්දු කරනු ඇති බවද ප‍්‍රකාශ කළේය.