කවුඩුල්ල වන පිවිසුමෙන් හමුවූ අස්ථි වලින් අයෙක් හඳුනා ගනී


(ඩබ් ඒ පියතිලක )


මින්නේරිය කවුඩුල්ල වන පිවිසුමේ දී හමු වූ  පුද්ගලයින් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් වලින් එහි සිටි එක් පුද්ගලයකු  නාවික හමුදාවේ සේවය කළ අයෙකු බවට හඳුනාගෙන තිබේ.
 

අස්ථි කොටස් හමු වූ ස්ථානයේදී  අද  (21)  පැවැත්වුණු   මහේස්ත්‍රාත්  පරික්ෂණයෙන්  පසු   නාවික හමුදා සෙබළාගේ  ඥාතින් විසින් ඔහු  හඳුනා ගත් බව මින්නේරිය පොලිසිය පවසයි.
 
එම අස්ථි කොටස් ආසන්නයේ තිබු ජංගම දුරකථනයක්  උපයෝගී කර ගනිමින්  එහි සදහන් අංකයට දුරකථන ඇමැතුමක්  ලබා ගැනිමෙන් පසු එම අස්ථි කොටස් හිමි පුද්ගලයා හදුනාගත් බව පොලිසිය කියයි.
 
මෙසේ  මියගොස් ඇත්තේ හෙල්සිරි ඇකිරිය, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත ලිපිනයේ පදිංචි  පොල්වත්තේ  ගෙදර මලිත කුමාර විපුලසිරි (27) හැවිරිදි  නාවික හමුදාවේ සේවය කළ අවිවාහක තරුණයෙකි.
 
ගෙළ වැලළා ගෙන සිටි ලණු  සහ ඒ අවට ජංගම දුරකථන, බෑග්  ඔවූන් පැළැද සිටි පාවහන්, මුදල්  පසුම්බියක් තිබි හමු වි ඇත.
 
මෙම නාවික හමුදා සෙබළා ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කර ඇති අතර , ඉකුත්  ජනවාරි 28 වැනිදා ඔහුගේ නිවසින් පිටත්ව ගිය පසු නැවැත සේවය කළ නාවික හමුදා කඳවුරටවත් නිවසටවත් නැවත පැමිණ නොමැත.

තරුණයාගේ  අතුරුදන් විම පිළිබද  මව්පියන්  හගුරන්කෙත පොලිසියේ පැමිණිල්ලක් ද දමා ඇත. මියගිය තරුණයාගේ ඥාතින්  පිරිසක් හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් එම අයගෙන්ද  තොරතුරු විමසා තිබේ.
 
 ඒ අසන්නයේම තිබු  අනෙක්  අස්ථි කොටස් පිළිබඳ කිසිදු සාක්කියක් නොමැති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවත් පොලීසිය කියයි.
 
මෙම  මරණ පිළිබද හිගුරක්ගොඩ දිසා අධිකරණයට කරුණු වර්තා කිරිමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත් සමිතා ජයසේකර මහත්මිය විසින් එම ස්ථානයට ගොස් මරණ පරික්ෂණ කටයුතු කළ  අතර  එම මරණ දෙකම සියදිවි හානි කරගෙන ඇති බවට දක්නට ඇති සාධක අනුව පෙනි යන බවත්  සඳහන් කළේය.
 
ඒ පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කිරිම සදහා අධිකරණ වෛද්‍යවරයකු වෙත අස්ථි කොටස් ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරිය   මින්නේරිය පොලීසියට නියෝග කර තිබේ.

සබැඳි

කවුඩුල්ල පිවිසුමේ තිබී මිනිස් අස්ථි කොටස් හමු වෙයි