කවදාවත් පක්ෂෙන් යන්නේ නෑ
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තරම් කිසිම වරදක් කැර නැතැයි ද පක්ෂ්‍ය අතහැර ආණ්ඩුවට එකතු වීමට හෝ වෙනත් කණ්ඩායමක් හැදීමට හෝ අදහසක් නැතැයි ද මාතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා කියයි. තමාගේ සාමාජිකත්වය අතිහිටැවීම කුමන්ත‍්‍රණයක් බව ද තමා පසුගිය ඡුන්දයේ දී කිසිම ස්වාධීන කණ්ඩායමකට වචනයකින් හෝ සිතුවිල්ලකින් හෝ සහාය නොදුන් බව ද ඔහු අවධාරණය කරයි.

