කලුතර හිටපු ප්‍රා.සභාපතිට වසර 5 ක සිරදඬුවම්


අල්ලස්  චෝදනාවකට වැරදිකරු වු කලුතර  ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ  මහතාට බරපතල වැඩ සහිත   වසර 05 ක සිර දඬුවමක් අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  නියම කළේය.

වෙන්දේසි ඉඩමකට ප්‍රවේශ වන මාර්ගයක තිබු කුඹුරක් මැදින් මාර්ගයක් සකස් කර දීමට රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබා ගැනීමට ගිය  =සිද්ධියකට මීට වසර 05 කට පමණ පෙර හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

හිටපු සභාපතිවරයා මෙම සිදුවීමෙන් පසු ඇප මත සිටි අතර ඔහු මේ වන විට කලුතර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකි. 

 දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව  සැකයකින් තොරව මෙම චෝදනා  ඔප්පු  වීම  හේතුවෙන්  ඔහුට මෙම  දඬුවම නියම කෙරිණි.


ඒ අනුව විත්තිකරුට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනා 04 කට  ඔහු වරදකරු කළ විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 05  බැගින්  වසර 20ක සිර දඬුවම් නියම කළේය. එය වසර 5 කින් ගෙවී යා යුතු බවට නියෝග කළේය.


එමෙන්ම විත්තිකරුට රුපියල් ලක්ෂ 30ක දඩයක්  සහ  පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

 

(36698)

 ( ඡායාරූප - ලහිරු හර්ෂණ )