විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත එළුවන්කුලම මොරන්තම්වේලි ජනාවාස රහිත ප්‍රදේශයේ වගුරු බිමක දමා තිබූ කලුකිතලා නම් ආරක්ෂිත පක්ෂියකුගේ බිත්තර රැගෙන යමින් සිටි අයකු ඉරිදා අත් අඩංගුවට ගත් බව වනජීවී නිලධාරිහු කියති.
අත් අඩංගුවට පත්වී ඇත්තේ වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයේ පදිංචි හසිත සඳරුවන් නමැත්තෙකි.
කලුකිතලා මේ කාලයේ බිත්තර දමයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුරෝපය, උතුරු අප්‍රිකා රටවල්, ජපානය ඇතුළු අග්නිදිග ආසියාතික රටවලත්, පිලිපීනයේත් කළු කිතලා දක්නට ලැබෙයි. ෆුලිකා ඇට්රා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන කළු කිතලා මෙරට නේවාසික පක්ෂියෙකි.
බිත්තර 28ක් සමග අත් අඩංගුවට ගන්නා ලද සැකකරු අද (15) වන දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 30,000ක දඩයක් මත නිදහස් කිරීමට භාරතී විජේරත්න විනිසුරුවරිය නියෝග කළාය.




