කොණ්ඩය කාන්තාවකට කොතරම් දුරට වටිනවාද යන්න ප‍්‍රශ්න කළ යුතු නොවන්නේ කාන්තාවකට එය මිල කළ නොහැකි තරමටම වටින නිසයි. සාමාන්‍ය කාන්තාවකට කෙසේ වෙතත් නිළියකට එහි වටිනාකම වඩාත් ඉහළයි. නමුත් සේමිණී ඉද්දමල්ගොඩ යනු කලින් කලට තමාගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කළ ශිල්පිනියකි. ඇය ඒ වෙනස නිරන්තරයෙන්ම කළත් වැඩිදෙනා ඉතා විවේචනාත්මකව ප‍්‍රතිචාර දැක්වූවේ ඇය කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා ‘තට්ටය’ සහිතව සිටි අවස්ථාවේදීයි. එසේ කළ ඇය අද අපට හමුවන්නේ කොණ්ඩය තරමක් වවා ගත් තවත් වෙනස් ස්වරූපයකින්. මේ විදියට ඇය විවිධ අවස්ථාවලදී දකින්නට ලැබුණු ස්වරූපයන් සහිත ඡායාරූප පෙළක් අද අපි මෙලෙස පළ කරන අතරේ, සේමිණීගෙන් ප‍්‍රශ්න කීපයකුත් අහමු.
සේමිණී පුංචිම කාලයේ ඔබගේ කොණ්ඩය මොන වගේද?
පාසල් යන කාලයේදිත් දැන් අද තියෙන පෙනුමට සමාන මුදු - මුදු සහිත කර්ලි හෙයාර් එකක් තිබුණේ.
ක්‍ෂේත‍්‍රයට එනකොට?
‘ඉරබටු තරුව’, ‘නේත‍්‍රා මංගල්‍ය’ වගේ සෑම එකකම ඒ උරහිස ගාවට දික්වූ කර්ලි කොණ්ඩය.
ඊට පසුව?
ඊට පසුව ස්ටේ‍්‍රට් කළා. තට්ටය ගාන තෙක්ම තිබුණේ ස්ටේ‍්‍රට් කොණ්ඩය.
තට්ටය ගෑවාම ‘විග්’ (බොරු කොණ්ඩ) යොදාගත්තෙ නැද්ද?
නැහැ. එක්කො ස්කාෆ් දැම්මා. නැත්නම් රෙදි වර්ග භාවිත කළා.
තට්ටය ගෑවාම ඔබට බොහෝදෙනා විවිධ චෝදනා කළා නේද?
ඇත්තෙන්ම තට්ටය ගෑ එකට වඩා තට්ටය ගෑ පසු පච්චයක් මෙන් චිත‍්‍රයක් යොදාගෙන සඳැල්ලට පෙනී සිටි ඡායාරූප පෙළ නිසා විවිධ අය විවිධ දේ කිව්වා. එය පච්චයක් නොවේ. එය මා එදා කළේ ඡායාරූප සඳහා පමණයි. එසේ නැතිව මවකගේ, කාන්තාවකගේ අභිමානයට කැළලක් වීමට නොවෙයි. ඒ සියල්ල අපේ බාහිර පෙනුමට වඩා ඇතුළාන්තයෙන්ම තිබිය යුතු දෙයක්. මම මගේ සැමියට, දයාබර දියණියට
සෙනෙහෙබර වගේම සමාජයට ආදරය කරන කලාකාරිනියක්. අපි ඒ අවස්ථාව අමතක කරමු.
දැන් තියෙන කොණ්ඩය ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
ආයෙත් අතීතයට ගියා වගේ දැනෙනවා.
මේ විවිධ ස්වරූප අතරින් ඔබ වඩාත් සතුටු වූ කොණ්ඩා විලාසිතාව?
පුංචි කාලය ගැන එතරම් මතක නැහැ. පසුව උරහිස දක්වා කැරලි ගැසී තිබුණු
කොණ්ඩයට ගොඩාක් කැමතියි. අද තියෙන පෙනුමට ටිකක් අකමැති මහත ගතිය වැඩිපුර පෙනෙන නිසා. හැබැයි මම වඩාත් කැමතියි කියනවට වඩා මට වඩා සැහැල්ලූවක් ඇතිවුණේ තට්ටය සහිතව සිටි කාලයේදීයි. ඒක වචනයෙන් කියන්න බැරි තරමට දැනුණු සැහැල්ලූවක්. ඇත්තටම එදා තට්ටය ගෑවෙ ටෙලි නාට්‍යකට. නමුත් කොණ්ඩය තිබුණටත් වඩා හොඳට නිරෝගීව නැවත වර්ධනය කර ගැනීමට එය තවත් හේතුවක් වුණා.
මේ විදියට විවිධ ස්වරූපයෙන් සිටි අවස්ථාවලදී වැඩිදෙනා ඔබ වඩා ලස්සනයි කිව්වෙ මොන අවස්ථාවේදීද?
අද තියෙන පෙනුම සහිත කොණ්ඩය නිසා මම තරුණ වෙලා කියලා බොහෝ දෙනා කියනවා. මේ ඡායාරූප සඳහා හැඩගැන්වීම් කළ සුරංග දිනේෂ් මේ මොහොතේ මතක් කළ යුතුයි.
සටහන/ඡායාරූප සඳුන් ගමගේ