කලාම් උතුරෙදී අතීතයට යයි


ශ්‍රී ලංකාව පොහොසත් හා සම්පත් බහුල රටක් කිරීමට පෙරමුණ ගන්නැයි ඉන්දියා හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් යාපන සරසවි සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. දෙමළෙන් ඔවුන් ඇමැතූ ඔහු පැවැසුයේ පස් වැනි පෙළේ දී රාමේස්වරම් පාසලේදී තමා යාපනයේ වූ කනකසුන්දරනාත් ගුරුතුමාගෙන් ගණිතය උගෙනගත් බවයි. 1941 දී සිසුන් පස්දෙනා බැගින් තෝරාගත් ඔහු නොමිලයේ උගැන් වූ බව කී කලාම් සිසුනට අවවාද කෙළේ වෙහෙස මහන්සි වී වැඩ කරන ලෙසයි.