(සංජය මදුශාන් )
ගල්කිරියාගම, කලාගම ප්‍රදේශයේ ගම්වාසින් පිරිසක් සහ කලාවැව උද්‍යානභාර නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත උද්‍යානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව උද්‍යාන භාරකාර ඩී. රාමසිංහ මහතා පැවසීය.
ගල්කිරියාගම, කලාගම ප්‍රදේශයේ ගම් වාසින් පිරිසක් කළාවැව උද්‍යානයට පැමිණ අලි වෙඩි දමා උද්‍යානය තුළ සිටි වන අලි පන්නා දැමීමට කටයුතු කිරීම සහ ඊයේ (14) දිනයේ කලාවැව උද්‍යානය නැරඹිමට පැමිණි සංචාරකයින් හරවා යවා නොසන්සුන් ලෙස ගම් වාසීන් කටයුතු කිරීම හේතුවෙන් මෙම කළබලකාරී තත්වය හට ගෙන තිබිණි.
අලි ගම්වදිතියි පවසමින් ඔවුන් මෙලෙස අලි පන්නා දැමීමට කටයුතු කර තිබේ.
අලි වෙඩි දමන අවස්ථාවේ උද්‍යානය තුළ වන අලි 100 කට අධික රංචුවක් සිට ඇති අතර උද්‍යානයේ වන අලි නැරඹීම සදහා පැමිණි සංචාරක පිරිසක් ද වු බව නිළධාරීහු වැඩිදුරටත් පවසති.
පුද්ගලයින් කිහිප දෙනෙකු වන අලි රංචුව සිටි ප්‍රදේශයට අලි වෙඩි දමා ඝෝෂාකාරී ලෙස කෑ ගසමින් වන අලි එළවීම සිදුකළ ඇති අතර ඔවුන්ගේ සහයට තවත් ගම් වාසීන් පිරිසක් පැමිණ තිබේ. වන අලි පිරිස එළවා දැමීමෙන් අනතුරුව සංචාරකයින් සමඟ පැමිණ සිටි වනජීවි නිළධාරීන් සමඟ බහින් බස් වීමක් සිදුවූ බව වනජීවි නිළධාරීහු වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනජීවි කාර්ය්‍යාලයේ නිළධාරීන් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ගම්වාසීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැරීමටද කටයුතු කර තිබේ.
කළාවැව අවට ප්‍රදේශ වන අලි මිනිස් ගැටුමට හේතු රාශියක් පවතින බව උද්‍යාන භාරකාර රාමසිංහ මහතා පැවසීය.









(ඡායාරූප- කුෂාන් ජයවර්ධන)

