කලාකරුවෝ පිරිසක් මෛත්‍රී සමග ගිවිසුමක


කලාකරුවන් හා වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් පුරවැසි බලය සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්විමට ඉදිරිපත්වී සිටී.

පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, කේ.බී.හේරත්, ලූෂන් බුලත්සිංහල ඇතුළු කලාකරුවන් රැසක් මෙසේ සංධාන ගතවී කලා අභිවෘද්ධියට බලපාන කරුණු වෙනුවෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිවිසුමකටද එළැඹ ඇත.