කලාඔයට මහ වැහි


කලාඔය පිටාර ගැලීම නිසා එළුවන්කුලම හරහා පැරණි මන්නාරම් මාර්ගයේ ගමනාගමනය නැවතී ඇති අතර කිලෝ මීටර 105 ක් දුර ඇති පුත්තලමේ සිට මන්නාරමට මේ හේතුවෙන් කිලෝ මීටර 285 ක් ගෙවා ගමනාන්තයට යාමට සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මාර්ගයේ ගමන් කිරීමට නොහැකිවීම නිසා පුත්තලමේ සිට කිලෝ මීටර 40ක් දුර ගෙවා එළුවන්කුලමට ගොස් ආපසු හැරී පුත්තලමට පැමිණ පුත්තලමේ සිට කිලෝ මීටර 75 ගෙවා අනුරාධපුරයට ගොස් එතැන සිට තවත් කිලෝ මිටර 130 ක් දුර මන්නාරමට යායුතුව ඇත.

විල්පත්තුවට ඇතුලුවන පිවිසිම් දොරටුවක් දියපැන්නුම ප්‍රදේශයේ පිහිටා තිබීම නිසා සංචාරකයින්ද විශාල ප්‍රමාණයක් මෙහි පැමිනෙණ අතර ඔවුන්ටද කිලෝ මීටර 100 පමණ වැඩි දුරක් ගෙවා යාමට සිදුවී ඇත.

කලාඔය හරහා ඉදිකර ඇති සපත්තු (තැලවිලි)පාලම ඉතා පහළ මට්ටමක පිහිටීම හේතුවෙන් සුළු වැස්සකට පවා පාලම යටවන බව ප්‍රදේශවාසීහු කියති.

_____--_____-______-_______-2015-04-10--(9) _____--_____-______-_______-2015-04-10--(8) _____--_____-______-_______-2015-04-10--(7) _____--_____-______-_______-2015-04-10--(6) _____--_____-______-_______-2015-04-10--(5) _____--_____-______-_______-2015-04-10--(3) _____--_____-______-_______-2015-04-10--(4)