තරිඳු ජයවර්ධන
කොළඹ සෞන්ධර්ය කලා විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර සිසුන් පිරිසක් එහි අවසන් වසර ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහර දී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි.
20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම පහර දීම සිදු කර තිබෙන බව එම සිසුවා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අද දහවල් පැවැත්වීමට නියමිත අවසන් විභාගයකට සූදානම් වෙමින් තනිවම සිටිය දී සිසුවා මෙම ප්‍රහාරයට ලක්වී ඇත. සිසුවාගේ හිසට සහ කොන්දටද ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි දැනගන්නට තිබේ.