(දයාරත්න ඇඹෝගම)
කලාවැවේ යෝධ ඇලේ දිය නාමින් සිටි 50 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලිමෙන් මිය ගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉහළවත්ත වැව පාර,ඔලුකරද,කැකිරාව යන ලිපිනයේ පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ විපුල සම්පත් එදිරිසිංහ(50)නැමති අයෙකි.
මෙම පුද්ගලයා කලාවැවේ සිට අනුරාධපුරය දක්වා ජලය ගලා බසින යෝධ ඇලේ කලුපාලම ආසන්නයේ දිය නාමින් සිටියදි දියේ ගිලි ඇතැයි පොලිසිය කියයි.
පසුව පොලිස් ජිවිත ආරක්ෂක කණ්ඩායම හා අසල්වාසින් එක්ව ඔහුගේ මළ සිරැර ගොඩ ගෙන තිබුණි.

