කලා ඔයේ ජල මට්ටම ඉහළට - ගමනාගමනයට බාධා


 

 

(ජුඩ් සමන්ත)

කලාඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

එළුවන්කුලම සපත්තු පාලමෙන් මේ වන විට අඩි 2 ½ ක පමණ ජලයක් ගලා යන බැවින් එම ස්ථානයෙන් වාහන ගමන් කිරීමට නොහැකි වී තිබේ.

මෙම තත්ත්වය නිසා පුත්තලමේ සිට මන්නාරම දක්වා ගමන් කරන වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ යුතු බවද පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.