(උපාලි ආනන්ද)
තත්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු සද්දන්ත ඇතාගේ හිස සහ සිරුරු කොටස් අද(5) උදෑසන සොයා ගත් බව අනුරාධපුර කොටිඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා ප‍්‍රකාශ කළේය.
අදාල ස්ථානයට මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් පිටත් කර හැර ඇති බවත් පවසන පොලිස් අධිකාරි හේවාපතිරණ මහතා හස්තියාගේ හිස සහ සිරුර කොටස් සම්බන්ධයෙන් ඉදිරි පොලිස් විමර්ශන කටයුතු සහ විද්‍යාත්මක විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද පවසයි.
ඇතාට වෙඩි තබා ඝාතනය කළ අපරාධකරුවන් සොයා විශේෂ පොලිස් මෙහෙයුම් දෙකක් අරඹා ඇති අතර අඩි හතරයි අගල් හතක දිගකින් යුත් ඇත් දළ යුගල සමග අත් අඩංගුවට ගත් සිලාවතුර පොලිස් වසමෙහි සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා ඇතුළු (සිලාවතුර මුස්ලිම් පල්ලියේද සභාපති) සැකකරුවන් තිදෙනා ලබන ජනවාරි 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

