ඉන්දිකා රාමනායක
කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු මොහොතකට පෙර සන්නද්ධ කණ්ඩායමක් සමඟ වෙඩි හුවමාරුවක නිරතවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම වෙඩි හුවමාරුව තවමත් සිදුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.
ආරක්ෂක අංශ හා සන්නද්ධ කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු පිපිරුම් තුනක් ද සිදූවී ඇත.

