වසන්ත චන්ද්‍රපාල
අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ වලතාපිටිය ගම්මානයේ පුරාවිද්‍යා භුමියක් යන්ත්‍ර සුත්‍ර යොදා විනාශකරා යැයි චෝදනා එල්ල වු කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කලන්දර් ලෙබ්බේ මොහමඩ් රනීස් සහ අබ්දුල් රහිම් මොහමඩ් යන පුද්ගලයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස සමන්තුරේ මහේස්ත්‍රාත් එච්.එම්.මොහමඩ් පසීල් මහතා අද (01) නියෝග කළේය.
ඉකුත් 12 වෙනි දින සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයට අයත් වලතාපිටිය ගම්මානය අසල ඉඩම් වල ඇති ගල් කඩා අනවසර සංවර්ධනයක් කරන බවට ප්‍රදේශවාසින් අම්පාර පොලිසියට දැනුම් දීමෙන් පසුව මේ පිලිබදව පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධව මීට පෙර සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර එම පිරිසද නැවත ජුනි මස 14 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
පසුව පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා සහ පුරාවිද්‍යානිලධාරින් මෙම භූමිය පරීක්ෂා කර මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට නම් කර තිබේ.