කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස වැඩිම මනාප ගත් (16457) අබුබකර් මීරා සයිබු මොහොමඩ් සිරාස් මහතා මුල් දෙවසරට ද දෙවැනි තැනට මනාප (13988) ගත් පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා නගරාධිපති ලෙස ඊළඟ දෙවසරට ද පත් කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අද ප‍්‍රකාශ කිරීමත් සමග දින දෙකක් පුරා සයින්ද මරදු නගරයේ පැවැති හර්තාලය අවසන් විය. කාරියප්පර් මහතා මුල් දෙවසරෙහි දී ද මොහොමඩ් මහතා ඊළඟ දෙවසරෙහි දී ද උප නගරාධිපති ලෙස පත් කැරෙයි. එහි ජුම්මා පල්ලියට මේ පුවත සැළැවීමත් සමග රතිඤ්ඤා දල්වා සතුට පළ කැරිණි. වසා තිබූ කඩ සාප්පු ද අද සවස් වනවිට විවෘත කැරිණි.