කල්පිටියේ හිමි දෙනමක් උපවාසේ


ඉන්දියා වෙරළාරක්ෂක හමුදාව වසර එක හමාරක් පුරා අන්දමන් දූපත්හි සිර කැරගෙන සිටින ධීවරයන් හය දෙනකු මුදාගැනීමට ගත් සියලූ උත්සහායන් අසාර්ථකවීමෙන් පසුව කල්පිටිය කන්දකුලියේ සමුද්‍රාසන්න විහාරාධිපති බැඳිවැව දියසේන හිමියෝ ද යටිමාදුර මනසාලංකාර හිමියෝ  ද කන්දුකුලියේ දී අද (25) උදේ උපවාසයක් ඇරැඹූහ.