
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය තිහලිය ප්‍රදේශයේ දී අද (8) අත්අඩංගුවට ගත් රත්තරං වල වටිනාකම රුපියල් නව කෝටි පනස් තුන්ලක්ෂ හයසිය තිස් හයක් බව ශ්‍රී ලංකා රේගුව සනාථ කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
මෙම රත්තරං තොගය අද (08) පාලවිය සිට කල්පිටිය දක්වා සැකකරුවෙකු මෝටර් රථයකින් රැගෙන යමින් තිබියදී පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම රත්තරං තොගයේ කිලෝ නවයයි ග්‍රෑම් 592 ක් තිබූ බවත් එහි රන් වර්ගීකරණය අනුව කැරට් 22 කට වැඩි බවද පොලිසිය සඳහන් කළේය.
මෙම රත්තරං තොගය රියදුරුගේ යාබද අසුන යට සඟවා රැගෙන යමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
රත්තරං තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංකා රේගුවට බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.



