(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල ජුබිලි මාවතේ පිහිටි වැලි නිධියකින් වැලි කණිමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැලි ප්‍රවාහනයට සූදානමින් තිබූ ලොරි රථය සහ වැල්ලේ වාහනය ධාවනය සඳහා සැකසූ යකඩ පීලි කට්ටල 2ක් ද සමගින් කල්පිටිය පොලිසිය බාරයට ගෙන ඇත.

